එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් බවට සැක කෙරෙන තුන්දෙනෙකු අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් බවට සැක කෙරෙන තුන්දෙනෙකු අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් බවට සැක කෙරෙන තුන්දෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Chathuranga Rajapaksha

25 May, 2014 | 10:28 pm

එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මලයාසියානු පොලිස්පති කාලිද් අබු බකාර් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ, එම පුද්ගලයින් තිදෙනා මැයි 15 වන දා මධ්‍යම සෙලන්ගර් ප්‍රාන්තයේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව ය.

2004 වසරේ සිට මලයාසියාවේ වාසය කර ඇති ඔවුන්, මේ වනවිට සංක්‍රමණ පනත යටතේ රඳවා සිටින බව ද එම වාර්තාවල සඳහන් ය.

ජාත්‍යන්තර වශයෙන් අභාවයට ගොස් ඇති ත්‍රස්ත කණ්ඩායමක් යළි නඟා සිටුවීමට ක්‍රියාකිරීම, ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ආධාර මුදල් රැස් කිරීම සඳහා අදාළ පුද්ගලයින් තිදෙනා මලයාසියාව උපයෝගී කරගෙන ඇති බව එරට පොලිසිය පවසයි.

ඔවුන් සතුව තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රචාරක ද්‍රව්‍ය ද, විදෙස් රටවල් කිහිපයක මුදල් තොගයක් ද එරට පොලීසිය භාරයට ගෙන ඇති බව සඳහන් ය.

මලයාසියානු පොලිස්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, මොවුන් තිදෙනා සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී සිටීම හේතුවෙන් 2004 වසරේ සිට වීසා නොමැතිව එරට රැඳී සිටීමට හැකි වී ඇති බව ය.

ඔවුන්ට සැඟවී සිටීමට සිය රට උපයෝගී කරගැනීමට ඉඩ නොදෙන බවත්, රට තුළ හෝ විදෙස් රටක ඕනෑම ත්‍රස්ත ක්‍රියාවක් සඳහා අවස්ථාව නොදෙන බවත් මලයාසියානු පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]