බලපත්‍ර නොමැති ව්‍යාපාරිකයින්ගේ තැරැව්කරුවන් ප්‍රමිතියෙන් තොර ලොකු ලූණු බීජ අලෙවි කිරීමේ ජාවාරමක්

බලපත්‍ර නොමැති ව්‍යාපාරිකයින්ගේ තැරැව්කරුවන් ප්‍රමිතියෙන් තොර ලොකු ලූණු බීජ අලෙවි කිරීමේ ජාවාරමක්

බලපත්‍ර නොමැති ව්‍යාපාරිකයින්ගේ තැරැව්කරුවන් ප්‍රමිතියෙන් තොර ලොකු ලූණු බීජ අලෙවි කිරීමේ ජාවාරමක්

කර්තෘ Chathuranga Rajapaksha

24 May, 2014 | 8:14 am

යල කන්නයේ ලොකු ලූණු වගා කරන ගොවීහූ මේ වනවිට බීජ ලබා ගැනීම පිළිබඳ ගැටලුවකට මුහුණ දී සිටිති.

ඒ ප්‍රමිතියෙන් තොර බීජ වෙ‍ළෙඳපොළේ බහුලවීම හේතුවෙනි.

‍මේ වනවිට යල කන්නයේ ලොකු ලූණු වගාව සඳහා , බිම් සකස් කිරීම, තවාන් පිහිටුවීම ආදි කටයුතු ගොවීන් ආරම්භ කර තිබේ.

ලූණු වගාව වැඩි වශයෙන් කරන දඹුල්ල, ගලේවෙල, සීගිරිය යන ප්‍රදේශවල මෙන්ම අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රිකවල ද ලූණු ගෙවීන් මුහුණ දී ඇති ගැටලුවක් වන්නේ ප්‍රමිතියෙන් යුත් බීජ ලබා ගැනීමයි.

ඒ ඉන්දියාවෙන් ගෙන්වූ ප්‍රමිතියෙන් තොර ලොකු ලූණු බීජ දේශිය බීජ සමඟ මිශ්‍රකර එම ප්‍රදේශ වල අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වීම ඊට හේතුවෙනි.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ කිසිදු බලපත්‍රයක් නොමැති ව්‍යාපාරිකයින් තැරැව්කරුවන් හරහා ගොවීන්ගේ නිවෙස්වලටම ගොස් ‍ප්‍රමිතයෙන් තොර බීජ දේශිය බීජ බව පවසමින් අලෙවි කරන බවට ‍තොරතුරු ලැබී ඇති බව ය.

ඊට හසු නොවීම සඳහා ලොකු ලූණු බීජ මිලදී ගැනීමේදී කෘෂි නිලධාරීයකුගේ සහාය ලබාගන්නා ලෙසත් බීජ මිලදී ගන්නා ආයතනයෙන් අනිවාර්යෙන් බිල්පතක් ලබා ගන්නා ලෙසත් අමාත්‍යාංශය පවසයි.

එහෙත්‍ දඹුල්ල ප්‍රදේශ‍යේ ගොවීන් පෙන්වා දෙන්නේ මේ වන විට වැඩි පිරිසක් බීජ මිලදී ගෙන අවසන් බව ය.

[quote]තවාන් දැම්මට පස්සේ බීජ සවුත්තුවෙලා නැවත තාවන් දාන්න කාලයක් නැහැ මේවා අපි විස්වාස කරගෙන ගත්තට අපි දන්නෑ ප්‍රමිතියෙන් තොර දෙවල්ද කියලා.[/quote]

[quote]මේ බීජ කියලා අපිට දෙනවා බීජ අපි ගෙනැල්ලා සල්ලි වියදම් කරලා පැලවෙන්න දාලා පැලවුන්නැත්තම් ගිහින් කිව්වම කියනවා අපිට කරන්න දෙයක් නැහැ කියලා.එච්චරයි. බිල් නෙවෙයි මොනවා පෙන්නුවත් ඒ අය අපිට අය මුදල් දෙන්නේ නෑනේ.[/quote]