10 වන ආසියානු ගුවන්විදුලි සම්මන්ත්‍රණය ඇරඹේ

10 වන ආසියානු ගුවන්විදුලි සම්මන්ත්‍රණය ඇරඹේ

10 වන ආසියානු ගුවන්විදුලි සම්මන්ත්‍රණය ඇරඹේ

කර්තෘ Chathuranga Rajapaksha

22 May, 2014 | 10:22 pm

10 වන ආසියානු ගුවන්විදුලි සම්මන්ත්‍රණය අද කොළඹදී ආරම්භ විය.

රේඩියෝ ඒෂියා 2014 නමින් හඳුන්වන මෙය සංවිධාන කරනු ලබන්නේ ආසියා පැසිෆික් විකාශන සංගමයයි .

ඊට අනුග්‍රහය දක්වන‍්නේ එම්.ටි.වි එම් .බි. සි සහ නිව්ස්ෆස්ට්.

නැණවත් සමාජයක් උදෙසා නව ගුවන්විදුලි සංස්කෘතියක් ස්ථාපනය කිරීම තේමා කරගනිමින් පැවැත්වෙන , තෙදින සම්මන්ත්‍රණයේ
සමාරම්භක උත්සවය අද පස්වරුවේ පැවැත්විය.

වැඩමුළු 4කින් සමන්විත මෙම සම්මන්ත්‍රණයේදී රේඩියෝ නාටක පිළිබඳවත්, ගුවන් විදුලිය ශ්‍රාවකයන් සමග සබඳතා ගොඩනැගීම
පිළිබඳවත් , තොරතුරු තාක්ෂණය මෙන්ම ගුවන්විදුලි මාධ්‍යකරණය පිළිබඳවත් පුළුල් දැනුමක් හුවමාරු කර ගැනීමට නියමිත ය.