ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

කර්තෘ Chathuranga Rajapaksha

22 May, 2014 | 7:49 pm

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ වනවිට පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

තරගය වර්ෂාවෙන් හේතුවෙන් නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙන එංගලන්තය පන්දුවාර 20යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 2ක් දැවී ලබාගෙන සිටින ලකුණු ගණන 101කි.

එංගලන්තයේ, ඕවල් පිටියේදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්තයට ආරාධනා කළේය.

එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 22 දැවී ගියේය.

ඇලෙස්ටයාර් කුක් ලබාගත් ලකුණු ගණන 11කි.

දක්ෂ ලෙස පන්දුවට පහර දුන් ඉයන් බෙල් පන්දු 56කදී ලකුණු 50ක් ලබා ගැනීමට සමත් විය.

ඊට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුලත් විය.

ඇන්ජලෝ මැතිව්ස් සහ නුවන් කුලසේකර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

SLvENG 1st odi