දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර සාකච්ඡා සාර්ථකයි (Special Report)

දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර සාකච්ඡා සාර්ථකයි (Special Report)

කර්තෘ Chathuranga Rajapaksha

22 May, 2014 | 9:26 pm

ප්‍රවාහන අමාත්‍යවරයා සහ දුම්රිය වෘත්තිය සමිති අතර අද පැවති සාකච්ඡා සාර්ථකව අවසන් වී ති‍බේ.

මෙහිදී අවධානය යොමුකෙරුණේ දුම්රිය‍ සේවයේ පවතින අඩුපාඩු සහ දෙපාර්තමේන්තුවේ හදිසි මාරුකිරීම් සම්බන්ධවයි.

දුම්රිය සේවා ඒකාබද්ධ සන්ධානය සහ දුම්රිය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්විය.

පැය තුන හමාරකට ආසන්න කාලයක් ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වුණේ ඉහළ තනතුරු දැරූ නිලධාරින් දෙදෙනෙකු මාරු කිරීම සම්බන්ධවයි.

දුම්රිය ධාවන බල ප්‍රධාන ඉංජිනේරු ඩබ්ලිව්.ජී.ටී.එල්. වික්‍රමරත්න මහතා රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුවරයා ලෙසත්, නියෝජ්‍ය ගමනාගමන අධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා නියෝජ්‍ය වාණිජ අධිකාරිවරයා ලෙසත් මාරු කර තිබුණි.

ඔවුන් දැරූ තනතුරුවලට නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (යාන්ත්‍රික) ඩිලන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය වාණිජ අධිකාරි වී.එස්. පොල්වත්තගේ යන මහත්වරුන් නම් කර තිබේ.

එහෙත් මෙම මාරුවීමේ ලිපි මෙතෙක් දුම්රිය වාණිජ අධිකාරිවරයාට හෝ දුම්රිය ගමනාගමන අධිකාරිවරයා වෙත ලැබී නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

අනතුරුව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර සාකච්ඡාව ආරම්භ විය.

පැය දෙකහමාරකට පසුව සාකචඡා සාර්ථකව අවසන් වී තිබේ.