දිවි නැගුම දෙපාර්තමේන්තුව තියෙන්නේ හෙලිවැල්ලෙන් – සමස්ථ ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය

දිවි නැගුම දෙපාර්තමේන්තුව තියෙන්නේ හෙලිවැල්ලෙන් – සමස්ථ ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය

දිවි නැගුම දෙපාර්තමේන්තුව තියෙන්නේ හෙලිවැල්ලෙන් – සමස්ථ ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය

කර්තෘ Chathuranga Rajapaksha

22 May, 2014 | 4:59 pm

දිවි නැගුම රාජ්‍ය සේවයට වැරදි පූර්වාදර්ශයක් බව සමස්ථ ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ‍ උප සභාපති සෝමසිරි ලියනගේ මහතා අද කොළඹ පැවති නියෝජිත හමුවකදී පැවසීය.

මේ කුළුදුල් දෙපාර්තමේන්තුව මගින් රාජ්‍ය සේවයට වැරදි පූර්වාදර්ශ දෙන්න එපා රාජ්‍ය සේවයේ ප්‍රමිතීන් බිද දමන්න එපා. උල්ලංඝණය කරන්න එපා දේශපාලන ඥාතී සංග්‍රහ මත දෙපාර්තමේන්තු ක්‍රියාවලිය බෙලහීන කරන්න එපා. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගෙදර යවලා හදපු දෙපාර්තමේන්තුවේ ඉතුරු වැඩ ටික කරන්න ගරු ඇමතිතුමනි ගරු ජනාධිපතිතුමනි අපි මේ සභාව ඉදිරියේ ඔබතුමාලගෙන් ඉල්ලා සිටිනවා.‍ මේ අක්‍රමවත්භාවය දුරුකරලා විධිමත් පරිපාලන රටාවකට මේ දෙපාර්තමේන්තුව යටත් කරන්න සමෘධි කොමසාරිස්තුමා හිටපු හම්බන්තොට දිස්ත්‍රික්කයේ එතුමාට දීලා අධ්‍යක්ෂක තනතුරක් හැබයි දුන්න විතක් නෙවයි එයාට කියනවාලු ඔයාට කැමති කෙනෙක් මෙතන්ට අරන් එන්න හරි අපූරු රාජ්‍ය සේවයක් බඳවා ගැනීම් නැහැ. ක්‍රමවේදයක් නෑ. රෙගුලාසි නැහැ. විභාග නෑ. මොකුත් නෑ.
හෙලිවැල්ලෙන් අර මොකක්ද කතාවක් තියෙන්නේ සීතම්බර තමයි නේ බලනකොට හෙලිවැල්ලෙන් මෙච්චර අඬ බෙරගහල කරපු වැඩේ දිවි නැගුම දෙපාර්තමේන්තුව හෙලිවැල්ලෙන්