මට ලැබුණු ලක්ෂ 3න් දුප්පත් ළමයින්ට අරමුදලක් පිහිටුවනවා – වයඹ මන්ත්‍රී දණ ගැස්වූ ගුරුවරිය

මට ලැබුණු ලක්ෂ 3න් දුප්පත් ළමයින්ට අරමුදලක් පිහිටුවනවා – වයඹ මන්ත්‍රී දණ ගැස්වූ ගුරුවරිය

මට ලැබුණු ලක්ෂ 3න් දුප්පත් ළමයින්ට අරමුදලක් පිහිටුවනවා – වයඹ මන්ත්‍රී දණ ගැස්වූ ගුරුවරිය

කර්තෘ Staff writer

22 May, 2014 | 11:06 am

දේශපාලනඥයෙකු ගුරුවරියක දණ ගැස්වීමේ සිද්ධියට අදාළ නඩු තීන්දුවෙන් ලද වන්දි මුදලින් පිහිටවූ අරමුදල යොදවන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්විය.

ලංකා ගුරු සංගමයේලේකම් ජෝසප් ස්ටාලීන් මහතා :

“අද වෙනකොට අපි දන්න දේ තමයි මේ නඩු තීන්දුව දුන්න දවසේ එතන්ට ආවා පළාත් සභා ඇමතිවරු ඔහු විසින් මේ ගුරුවරියට කරලා තියෙන සාධාරණය පෙන්නුම් වෙනවා මේ තීන්දුව දෙන දවසේ මන්ත්‍රීවරයාගේ පැත්තේ හිටගත්තහම අද මේ පාලකයොත් හිටගන්නේ මේ දේශපාලඥයින්ගෙන් අඩත්තේට්ටම් වලට ලක්වෙන ජනතාවගේ පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ “

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා:

“විශේෂයෙන්ම මේ නඩු තීන්දුව ගත්තහම දැන් බොහෝ විට පෙන්නුම් කරන්න පුළුවන් දෙයක් තමයි ලංකාවේ නීතියේ පාලනය තවදුරටත් මේ කියෙනවයි කියලා පෙන්නුම් කරීම සඳහා අවශ්‍ය නම් මේක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේ නිසා මං හිතන්නේ අපි අවශ්‍ය වෙන්නේ ‍මේ කාරණාව මුල් කරගෙන මේ පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් ගොඩනැගීම”

අගතියට පත් ගුරුවරිය සුසිලා ප්‍රියානිහේරත් මහත්මිය:

“මේ ලැබුනූ ලක්ෂ 3ක මුදල මම අපේක්ෂා කරනවා මේ රටේ දුප්පත් අහිංසක ඉගෙන ගැනීමට දක්ෂ දරුවන්ට හා මං වගෙල්ම හිංසනයන්ට ගොදුරුවෙන ලක්වන ගුරුවරුන් වෙනුවෙන් අරමුදලක් පිහිටවන්නට ඒ අරමුදල දැනට අපි ආරම්භ කරලා තියෙනවා. එක දරුවෙක් තමයි පාසලේ පහසුකම් සේවා ගාස්තු ලබා දීම සඳහා පොල්ගෙඩියක් සොරකම් කිරීමේ සිදුවීම. ඒ දරුවා හා අනිත් දරුවා තමයි සපත්තු දෙකක් නැතිව සෙරප්පු මාලයක් කරේ පළන්දපු දරුවා “