හීලෑ අලි ඇතුන් ලියාපදිංචියට නව ක්‍රම වේදයක්

හීලෑ අලි ඇතුන් ලියාපදිංචියට නව ක්‍රම වේදයක්

හීලෑ අලි ඇතුන් ලියාපදිංචියට නව ක්‍රම වේදයක්

කර්තෘ Staff writer

22 May, 2014 | 10:27 am

හීලෑ අලි ඇතුන් ලියාපදිංචිය සදහා නව ක්‍රම වේදයක් හදුන්වාදිමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී. රත්නායක මහතා සඳහන් කළේ, ඒ අනුව වර්ෂික ලියාපදිංචියට ලක් කෙරෙන සියලු අලි ඇතුන්ගේ තොරතුරු ඇතුලත් චිපයක් එම අලි ඇතුන්ට පැලදවීමට නියමිත බවයි.

එම චිපයට අදාළ අලි ඇතුන්ගේ ඩී එන් ඒ දත්ත ඇතුළත් කරනු ලබයි.

එච්. ඩී. රත්නායක මහතා සඳහන් කළේ, දිනෙන් දින ඉහළ යන අලි සොරකම් වැළැක්වීමට මෙම ක්‍රමය මගින් හැකිවනු ඇති බව ය.

මේ වනවිට දිවයිනේ විවිධ පුද්ගලයින්ට හා විහාරස්ථානවලට අලි ඇතුන් 350 ක් පමණ ලබා දී ඇතැයි වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරට ත් පැවසීය.