T20 ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා රැසකට හිමිකම් කියන බ්‍රැඩ් හොජ්ගෙන් තවත් සුපිරි වාර්තාවක් (VIDEO)

T20 ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා රැසකට හිමිකම් කියන බ්‍රැඩ් හොජ්ගෙන් තවත් සුපිරි වාර්තාවක් (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

21 May, 2014 | 12:23 pm

පන්දු වාර 20 ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 6000 සීමාව ඉක්මවූ දෙවන පිතිකරුවා බවට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක බ්‍රැඩ් හොජ් (Brad Hodge) ඊයේ පත් විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (Indian Premier League) තරගාවලියේ Mumbai Indians කණ්ඩායමට එරෙහිව ඔහු රැස් කළ ලකුණු 40ත් සමග ඔහු ලකුණු 6000 සීමා පසු කළේ ය.

ඒ අනුව, ඔහු මේ වන විට පන්දු වාර 20 තරගවලදී රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව 6025කි.

ඔහු රැස් කළ මෙම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 611ක් ඇතුළත් වන අතර එය T20 තරගවලදී පිතිකරුවෙකු එල්ල කර ඇති වැඩි ම හතරේ පහර සංඛ්‍යාව එය වේ.

ඊට අමතරව, T20 තරගවලදී හතරේ පහර 600ක් එල්ල කළ එක ම පිතිකරුවා වන්නේ ද ඔහු ය.

ඔහු T20 තරගවලදී හයේ පහර 178ක් ද එල්ල කර තිබේ.

39 හැවිරිදි බ්‍රැඩ් හොජ් T20 තරගවලදී අර්ධ ශතක 41ක් රැස් කර ඇති අතර එය T20 තරගවලදී එක් ක්‍රීඩකයෙකු රැස් කළ වැඩි ම අර්ධ ශතක සංඛ්‍යාව යි.

පන්දු වාර 20 ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 6000 සීමා ඉක්මවා ගිය පළමු පිතිකරුවා වන ක්‍රිස් ගේල් ලකුණු 6168 ක් රැස් කර සිටී.

බ්‍රැඩ් හොජ් ඊයේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එරෙහිව ගොඩ නැගූ විශිෂ්ට ඉනිමෙහි විශේෂ අවස්ථා පහත දැක්වේ.

(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)

බ්‍රැඩ් හොජ් 2013 වසරේ IPL තරගාවලියේ අර්ධ අවසන් තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරවූ විශිෂ්ට ඉනිමෙහි විශේෂ අවස්ථා පහත දැක්වේ.

(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)