ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී ජලය මුහුදට මුදා හැරේ

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී ජලය මුහුදට මුදා හැරේ

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී ජලය මුහුදට මුදා හැරේ

කර්තෘ Kumudu Jayawardana

21 May, 2014 | 2:21 pm

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී ජලය මුහුදට මුදා හැර තිබේ.

එම බලාගාරය පවත්වාගෙන යන ටෙප්කෝ ආයතනය පවසන්නේ, එම ජලය තවදුරට ත් ගබඩා කර තබා ගැනීමට හැකියාවක් නොමැති බව ය.

2011 වසරේ මාර්තු මාසයේදී ඇතිවූ සුනාමි තත්ත්වය හේතුවෙන් එම බලාගාරයේ විකිරණ කාන්දුවක් සිදු විය.

එම කාන්දු වන විකිරණ බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක සිසිල් කිරීම සඳහා ගබඩා කර තිබූ ජලයට මිශ්‍ර වී තිබිණි.

මෙය බෙහෙවින් අනතුරුදායක තත්ත්වයක පැවති අතර එම ජලය මුහුදට මුදා හැරීමට සිදුව තිබේ.

ටෙප්කෝ සමාගම පවසන්නේ, මුහුදු ජලයට හානියක් නොවන ආකාරයකට එම විකිරණශීලි ජලය මුදා හරින බව ය.

එහෙත් එම විකිරණශීලී ජලය ෆුකුෂිමා අවට මුහුදේ වෙසෙන මතස්‍යයින් බලපානු ඇති බවට විචාරකයින් අදහස් පළ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]