රත්නපුරයේ පාසල් හෙට සහ අනිද්දා වසා දැමේ

රත්නපුරයේ පාසල් හෙට සහ අනිද්දා වසා දැමේ

රත්නපුරයේ පාසල් හෙට සහ අනිද්දා වසා දැමේ

කර්තෘ Chathuranga Rajapaksha

21 May, 2014 | 7:12 pm

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් රත්නපුර මහ නගර සභා සීමාවේ සියලුම පාසල් හෙට සහ අනිද්දා වසා දැමීමට තීරණය කර තිබේ.

සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේ ඒ අනුව පාසල් 14 ක් වසා තැබෙන බව ය.

හෙට සහ අනිද්දා දෙදින එම පාසල් හා අවට ඩෙංගු මර්දනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු 30 දෙනෙකුට පමණ ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් එම පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර වසරේ ගතවූ කාලය තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් 9,939 ක් වාර්තා වී තිබේ.

මැයි මාසයේ මුල් දින 21 තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 1169කි.