රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවේ විවාදය දෙවන දිනට ත් ඇරඹේ

රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවේ විවාදය දෙවන දිනට ත් ඇරඹේ

රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවේ විවාදය දෙවන දිනට ත් ඇරඹේ

කර්තෘ Chathuranga Rajapaksha

21 May, 2014 | 3:22 pm

ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය පිළිබද විවාදය දෙවන දිනට ත් අද ආරම්භ විය.

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය බෙදා හැරීම තුරන් කිරීම සඳහා කිසිඳු හරවත් ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවට මෙම විශ්වාසභංග යෝජනාව මගින් ආණ්ඩුවට චෝදනා කරනු ලැබේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 30 දෙනෙකුගේ අත්සනින් යුත් එම විශ්වාසභංග යෝජනාව පසුගිය පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා විවාදය ආරම්භ කරමින් අදහස් පළ කළ බව ය.

අද පස්වරුවේ  විශ්වාස භංග යෝජනාවේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය.