බම්බලපිටියේ ප්‍රධාන පාසලක් තුළ ගෙළ වැළලාගත් ගුරුවරයා (Video)

බම්බලපිටියේ ප්‍රධාන පාසලක් තුළ ගෙළ වැළලාගත් ගුරුවරයා (Video)

කර්තෘ Chathuranga Rajapaksha

21 May, 2014 | 10:12 pm

බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක ගුරු නේවාසිකාගාරයක් තුළ ගුරුවරයෙකු ගෙළ වැළ ලාගෙන මියගොස් තිබුණි.

ඊයේ රාත්‍රීයේ පොලිස් හදීසී ඇමතුම් අංශයට ලද තොරතුරක් මත ඔහුගේ සිරුර සොයා ගැනිණ.

මියගොස් සිටින පුද්ගලයාගේ බිරිඳ ඊයේ රාත්‍රීයේදී ඔහුගේ දුරකතනයට ඇමතුමක් ලබා දුන්න ද එම අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වා නැහැ.

ඒ අනුව බිරිඳගෙන් ලද පණිවුඩයකට අනුව පාසලේ ගුරුවරයෙකු ඊයේ රාත්‍රීයේ නේවාසිකාගාරය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී ඔහු මියගොස් සිටි බව දැක තිබේ.

පොලිසිය පැවසුවේ 37 හැවිරිදි එම ගුරුවරයා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ය.

කොටුව මහේස්ත්‍රාත්වරයා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මළ සිරුර පොලිස් මෘත ශරීරාගාරයට යවා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]