බම්බලපිටියේ ප්‍රධාන පාසලක් තුළ එහි ගුරුවරයෙකුගේ මළ සිරුරක්

බම්බලපිටියේ ප්‍රධාන පාසලක් තුළ එහි ගුරුවරයෙකුගේ මළ සිරුරක්

බම්බලපිටියේ ප්‍රධාන පාසලක් තුළ එහි ගුරුවරයෙකුගේ මළ සිරුරක්

කර්තෘ Kumudu Jayawardana

21 May, 2014 | 9:21 am

බම්බලපිටියේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරයෙකුගේ මළ සිරුරක් එම පාසල තුළ තිබී හමුවී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, අදාළ ගුරුවරයා ගෙළ වැළ ලාගෙන සිටියදී ඔහුගේ සිරුර හමුවූ බව ය.

කෙසේ වෙතත්, මෙය සිය දිවි හානි කර ගැනීමක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පැවසීය.

අදාළ මළ සිරුර හමුවී ඇත්තේ, එම පාසලේ ක්‍රීඩා කාමරය තුළිනි.

එම ගුරුවරයා සඳුදා දිනයේ පාසලට පැමිණ ඇති අතර ඊයේ දිනයේ පාසල් පැමිණ නැත.

ඒ අනුව, පොලීසිය විශ්වාස කරනුයේ, මෙම මරණය ඊයේ රාත්‍රියේ සිදුවූ බවට ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]