නරේන්ද්‍ර මෝඩිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති මහින්ද රාජපක්ෂට ඇරයුමක්

නරේන්ද්‍ර මෝඩිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති මහින්ද රාජපක්ෂට ඇරයුමක්

නරේන්ද්‍ර මෝඩිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති මහින්ද රාජපක්ෂට ඇරයුමක්

කර්තෘ Kumudu Jayawardana

21 May, 2014 | 5:03 pm

ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙම අවස්ථාවට සහභාගි වන ලෙස අසල්වැසි රටවල රාජ්‍ය නායකයින්ට ආරාධනා කර ඇති බව ය.

මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය කළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, එම උත්සවයට මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වනු ඇති බව ය.

මෙම දිවුරුම් දීමේ උත්සවය ලබන සඳුදා පැවැත්වීමට නියමිත ය.