එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 9ක තියුණු ජයක් (Video)

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 9ක තියුණු ජයක් (Video)

කර්තෘ Kumudu Jayawardana

21 May, 2014 | 2:08 am

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවති පන්දු වාර 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 9ක තියුණු ජයක් හිමි විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 183ක් රැස් කළේ ය.

එහිදී ලහිරු තිරිමාන්න ලකුණු 40ක් රැස් කළ අතර කිත්රුවන් විතානගේ ලකුණු 38ක් රැස් කිරීමට සමත් විය.

තිසර පෙරේරා පන්දු 20කට මුහුණ දෙමින් ලකුණු 49ක් රැස් කිරීම විශේෂත්වයකි.

ඊට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස් කළේ ය.

එහිදී ඇලෙක්ස් හේල්ස් පන්දු 41කදී ලකුණු 66ක් රැස් කළ අතර රවී බොපාරා පන්දු 15කදී ලකුණු 28ක් රැස් කළ ද තරගය ජය ගැනීමට ඔවුන් දැරූ උත්සහය සාර්ථක වූයේ නැත.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුලු 3ක් බිඳ හෙළී ය.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තිසර පෙරේරා නම් කෙරිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]