අරලියගහ මන්දිරයට ඇවිල්ලා කෝපි බීලා යන්න තරම් මෝඩි මෝඩ නැහැ – මනෝ ගනේෂන් (Special Edition)

අරලියගහ මන්දිරයට ඇවිල්ලා කෝපි බීලා යන්න තරම් මෝඩි මෝඩ නැහැ – මනෝ ගනේෂන් (Special Edition)

අරලියගහ මන්දිරයට ඇවිල්ලා කෝපි බීලා යන්න තරම් මෝඩි මෝඩ නැහැ – මනෝ ගනේෂන් (Special Edition)

කර්තෘ Chathuranga Rajapaksha

21 May, 2014 | 8:15 pm

16 වැනි ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා කවුද ?

ගාන්ධි පරපුර කේන්ද්‍රකරගත් කොංග්‍රස් පක්ෂය මෙවර විපක්ෂ නායකවරයෙකු තෝරාගැනීම සඳහා මුහුණ දී සිටින්නේ දැඩි ගැටළුකාරී තත්ත්වයකටයි.

ලෝක් සභාවේ සමස්ත ආසන සංඛ්‍යාවෙන් සියයට 10ක ප්‍රතිශතයක්වත් ලබා ගැනීමට පසුගියවර බලයේ සිටි කොංග්‍රස් පක්ෂය මෙවර අසමත් විය.

මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ස්වාධීනව ආසන 282ක් හා එම පක්ෂය ප්‍රධානත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 336ක් ලබා ගෙන විශ්ෂ්ඨ ජයග්‍රහණයක් හිමි කර ගත්තේය.

පාලක පක්ෂය වූ කොංග්‍රසය ස්වාධීනව ආසනන 44ක් හා එම කොංග්‍රසය ප්‍රධාන කරගත් – එක්සත් ප්‍රගතිශීලී සන්ධානය – ආසන 59ක් පමණක් ලබා ගනිමින් මෙවර මැතිවරණයේදී ලක්වුණේ අන්ත පරාජයකටයි.

තමිල්නාඩු  ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ ප්‍රධානත්වයෙන් යුතු අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය ආසන 37කුත්, බටහිර බෙංගාල ප්‍රධාන අමාත්‍ය මම්තා බැනර්ජිගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිනාමුල් කොංග්‍රසය ආසන 34කුත් සහ ඔඩිස්සා ප්‍රධාන

අමාත්‍ය ශ්‍රී නවීන් පට්නායක්ගේ ප්‍රධානත්වයෙන් යුතු බිජු ජනතා ඩල් පක්ෂය ආසන 20කුත් ලබා ගත්තේය.

යම් පක්ෂයක් විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා, සමස්ත ආසන 543න් අවම වශයෙන් සියයට 10ක ප්‍රතිශතයක් ලබාගත යුතු බව තීරණය කෙරුණේ 1998දී සංශෝධනය කෙරුණු ඉන්දීය පාර්ලිමේන්තු නීතීයට අනුවයි.

කෙසේ වෙතත් මෙවර ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය හැර වෙනත් කිසිඳු පක්ෂයක් අවමය වන සියයට 10 ආසන ප්‍රතිශතයක් ස්වාධීනව ලෙස ලබා නොගත් නිසා ප්‍රධාන විපක්ෂයක් පාර්ලිමේන්තුවේ ඇති කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී තිබේ.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජෙයරාම්ගේ අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් සහ  බටහිර බෙංගාල ප්‍රධාන අමාත්‍ය මම්තා බැනර්ජිගේ ත්‍රිනාමුල් කොංග්‍රසය ලබාගත් ආසන ප්‍රමාණය එකතුවක් ලෙස ගත්විට 71කි.

එබැවින් එම සංඛ්‍යාව  කොංග්‍රස් පක්ෂය ලබාගත් ආසන 59ට වඩා වැඩි වීම හේතුවෙන් එම පක්ෂ 2 එක්වී විපක්ෂ නායක ධුරය ලබාගැනීමේ උත්සහයක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නමුත් ආසන 20ක් හිමි ඔඩිස්සා ප්‍රධාන අමාත්‍ය ශ්‍රී නවීන් පට්නායක්ගේ ප්‍රධානත්වයෙනු යුතු බිජු ජනතා ඩල් පක්ෂය සහය දක්වන්නේ කුමන පක්ෂයටදැයි තවමත් ප්‍රකාශ කර නැහැ.

එම දේශපාලන අර්බුදය හේතුවෙන් ,විපක්ෂ නායකවරයෙකු පත්කර ගැනීම සඳහා වැඩි කාලසීමාවක් බලයේ සිටි ගාන්ධි පරපුර දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.

කෙසේ වෙතත් තමන් විපක්ෂ නායක ධුරය භාර නොගන්නා බවට කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි සහ උප සභාපති රාහුල් ගාන්ධි තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

නමුත් එම පක්ෂයට වෙනත් පක්ෂයක සහය හිමිවන්නේ නම් 9 වරක් ඉන්දීය ලෝක් සභාවට කොංග්‍රස් පක්ෂයෙන් තේරී පත්වු කමල් නාත් විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කරන බවට එම පක්ෂයේ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.

මේ අතර  ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාව සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂය කටයුතු කළ ආකාරය මෙන් කටයුතු නොකරන්නැයි මරුමලර්චි ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් මහලේකම් වයි . ගෝපාල්ස්වාමි හෙවත් වයිකෝ ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ නරේන්ද්‍ර මෝඩීගෙන් ඉල්ලා ඇති බව සඳහන් ය.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා

[quote]මෝඩි විශාල බහුතරයක් ඇවිල්ලාලු බලයට ඒ නිසා මෝඩිට දැන් තමිල්නාඩු ලේඩි එපාලු. කවුද කියන්නේ මෝඩිද කියන්නේ නෑ මෝඩි ඊයේ පෙරේදා ඉදලා කතා කරලා සුබ පතලා අපි එකට වැඩකරමු කියලා හමාරයි. දැන් මම්තා මුකර්ජිත් ජයලලිතාත් කතා කරනවා අපි එක්සත් වෙලා අපි නිල වශයෙන් ඉන්දියන් පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙමුද කියලා කතා කරනවා. විපක්ෂය වුණා නම් ප්‍රධාන විපක්ෂය කොංග්‍රස් නෙවෙයි ජයලලිතා. ජයලලිතා විපක්ෂය වුණා නම් මිත්‍රශීලී විපක්ෂයක් විදිහට මෝඩි එක්ක වැඩ කරන්න ඉදිරිපත් වෙයි. හිතනවා මේ ගොල්ලෝ ලංකාවට එයා කැඳවලා අරලියගහ මන්දිරයට එක්කන් ඇවිල්ලා මොකද මේ තෑගී දීලා කෝපී දීලා කෝපී පොවලා ටියුෂන් දීලා යවන්න පුළුවන් කියලා හිතනවා. ඒක නම් වෙන්නේ නෑ එච්චර මෝඩ නෑ එයා.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]