දිවි නැගුමට එරෙහිව බදුල්ලේ සමෘද්ධි නිලධාරින් පාරට බසිති (Video)

දිවි නැගුමට එරෙහිව බදුල්ලේ සමෘද්ධි නිලධාරින් පාරට බසිති (Video)

කර්තෘ Chathuranga Rajapaksha

19 May, 2014 | 10:22 pm

දිවි නැගුමෙන් තමන්ට අසාධාරණයක් සිදු වු බව සමෘද්ධි නිලධාරින් පවසයි.

ඔවුන් අද බදුල්ලේදී උද්ඝෝෂණය කරමින් ප්‍රකාශ කලේ, දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමේදි එකඟ වූ කොන්දේසි  කඩකර ඇති බව ය.

එම උද්ඝෝෂණයට බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරින් 1000 ක් පමණ එක්ව සිටියහ.

ඔවුන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට ඌව පළාත් සභාව ඉදිරිපිටට පාගමනින් පැමිණ උද්ඝෝෂණයේ නිරත වූහ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]