ඇන්ජලෝගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න..

ඇන්ජලෝගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න..

ඇන්ජලෝගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න..

කර්තෘ Sagarika Chathumali

13 May, 2014 | 9:27 pm

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

  1. ඇන්ජලෝ මැතිව්ස් (නායක)
  2. ලහිරු තිරිමාන්න (උප නායක)
  3. ටී.එම්. ඩිල්ෂාන්
  4. කුසල් ජනිත් පෙරේරා
  5. කුමාර් සංගක්කාර
  6. මහේල ජයවර්ධන
  7. දිනේෂ් චන්දිමාල්
  8. අෂාන් ප්‍රියන්ජන
  9. සචිත්‍ර සේනානායක
  10. අජන්ත මෙන්ඩිස්
  11. චතුරංග ද සිල්වා
  12. ලසිත් මාලිංග
  13. නුවන් කුලසේකර
  14. තිසර පෙර්රා
  15. සුරංග ලක්මාල්

කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසුවේ,  පළමු තරග දෙක සඳහා පමණක් එම කණ්ඩායම නම් කළ බව ය.

තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය ‍ලබන 22 වැනි දා ලන්ඩන්හි ඔවල් පිටියේදී ආරම්භ වේ.

ඊට සහභාගීවීමට නියමිත ශ්‍රී ලංකා සංචිතයට දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඇතුළත් කර නොමැත.

ජාතික තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පැවසුවේ, රංගන හේරත් ඇඟිල්ලක ආබාධයක් හේතුවෙන් කණ්ඩායමට ඇතුළත් නොකළ බව ය.

කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ ඔහු සුව අතට පත්වනු ඇති බවට විශ්වාස කරන බව ත් ඉන් අනතුරුව ඔහුව එංගලන්තට ගෙන්වා ගැනීමට  බලාපො‍රොත්තු වන බව ඔහු වැඩි දුරටත් පැවසී ය.

අයර්ලන්තයට එරෙහි ව පැවති එක්දින තරගාවලියට සහභාගී වූ උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, කිත්රුවන් විතානගේ හා ධම්මික ප්‍රසාද් මෙම සංචිතයට එක් කර නොමැත.