SAMSUNG සභාපති හදිසියේ ම රෝහල්ගත කෙරෙයි

SAMSUNG සභාපති හදිසියේ ම රෝහල්ගත කෙරෙයි

SAMSUNG සභාපති හදිසියේ ම රෝහල්ගත කෙරෙයි

කර්තෘ Sagarika Chathumali

12 May, 2014 | 10:19 am

ලෝකප්‍රකට SAMSUNG ආයතනයේ සභාපති ලී කන් හී මහතා හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

එම ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ‍්, ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු සභාපතිවරයා සුව අතට හැරෙමින් සිටින බව ය.

72 හැවිරිදි හී මහතා රෝගී වී ඇත්තේ, සෝල් නුවර ඔහුගේ නිවසේ සිටියදී ය.

හුස්ම ගැනීමේ අපහසුතාව ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් හේතුවෙන් හී මහතා කඩිනමින් ඔහුගේ නිවසට ආසන්න රෝහලට ඇතුළත් කර ඇති අතර පසු ව SAMSUNG ආයතනයට අනුබද්ධ රෝහලට මාරු කර යවා තිබේ.‍ෙ

මේ අතර ලී මහතා 1990 දශකයේදී පෙනහලු ආශ්‍රිත ශල්‍යකර්මයකට භාජනය වී ඇති අතර එතැන් පටන් ඔහු  ස්වශන ආබාධයන්ගෙන් පීඩා විදිමින් සිට ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මේ හේතුවෙන් ඒ මහතා දකුණු කොරියාවට සීත සමය උදා වන විට රටින් පිට ව ජීවත් වන බව ය.

ෆෝබ්ස් සඟරාවට අනුව දකුණු කොරියාවේ ධනවත් ම පුද්ගලයා වන හී මහතා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරන ඉහළ පෙළේ සාමාජිකයෙකු ද වේ.

හී මහතාගේ පුත්‍රයා සහ දියණියන් දෙදෙනා ද ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වී සිටිති.