මැලේසියානු MH370 යානය අතුරුදන් වීමේ අභිරහසට මාස 2ක් සපිරෙයි (VIDEO)

මැලේසියානු MH370 යානය අතුරුදන් වීමේ අභිරහසට මාස 2ක් සපිරෙයි (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

09 May, 2014 | 9:16 am

තවමත් අභිරහසක්ව පවතින මැලේසියානු MH370 යානය අතුරුදන් වී ඊයේ දිනට මාස දෙකක් සම්පූර්ණ විය.

මේ වන විට ත් එම යානය සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතී.

එම යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටුණු බවට වූ සැකයක් මත එහි සෝදිසි මෙහෙයුම් සිදු කළ ද ඉන් පළක් නොවී ය.

ඉන්පසු ඔස්ට්‍රේලියානු මුහුදු ගවේෂණ ආයතනයක් පැවසුවේ, යානයේ සුන්බුන් බෙංගාල බොක්ක ප්‍රදේශයේදී තමන්ට දක්නට ලැබුණු බව ය.

කෙසේ වෙතත්, එම යානය හෝ එහි සිටි මගීන් 239 දෙනා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)