268 දෙනෙකුට මරු කැඳවූ දකුණු කොරියානු යාත්‍රා අනතුරට හේතුව හෙළි වෙයි

268 දෙනෙකුට මරු කැඳවූ දකුණු කොරියානු යාත්‍රා අනතුරට හේතුව හෙළි වෙයි

268 දෙනෙකුට මරු කැඳවූ දකුණු කොරියානු යාත්‍රා අනතුරට හේතුව හෙළි වෙයි

කර්තෘ Kumudu Jayawardana

07 May, 2014 | 9:43 am

පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් කරමින් මුහුදුබත් වූ දකුණු කොරියානු යාත්‍රාව අනතුරට පත්වීමට හේතුව අනාවරණය වී තිබේ.

දකුණු කොරියානු පොලීසිය සහ පරීක්ෂණ කණ්ඩායම් එක්ව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, නෞකාව තුළ ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ පටවා තිබූ බව ය.

ඊට අමතරව එම භාණ්ඩ නිසි පරිදි ස්ථානගත කර නොතිබීම ද මෙම අනතුරට හේතු වී ඇතැයි එම විමර්ශනයෙන් හෙළි වී තිබේ.

ඔවුන් ප්‍රකාශ කළේ, මෙම චෝදනා සම්බන්ධයෙන් සිව් දෙනෙකුට එරෙහිව අධි චෝදනා ‍ගොනු කළ බව ය.

පසුගිය අප්‍රේල් 16 වන දා මුහුදුබත් වූ මෙම නෞකාවේ පුද්ගලයින් 467 දෙනෙකු සිටි අතර ඉන් 300කට අධික පිරිසක් පාසල් ළමුන් බවට අනාවරණය විය.

ඉන් 268 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.