ස්ටුවට් බ්‍රෝඩ්ට ශ්‍රී ලංකාව එරෙහි එක්දින තරගාවලිය අහිමි වන ලකුණු

ස්ටුවට් බ්‍රෝඩ්ට ශ්‍රී ලංකාව එරෙහි එක්දින තරගාවලිය අහිමි වන ලකුණු

ස්ටුවට් බ්‍රෝඩ්ට ශ්‍රී ලංකාව එරෙහි එක්දින තරගාවලිය අහිමි වන ලකුණු

කර්තෘ Sagarika Chathumali

07 May, 2014 | 4:03 pm

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය අහිමිවනු ඇතැයි වාර්තා වේ.

27 හැවිරිදි ස්ටුවට් බ්‍රෝඩ් දණහිසේ ආබාධයකට ලක්ව ඇති බව බී.බී.සී. ලෝක සේවය පවසයි.

එහි වැඩි දුරට ත් දැක්වෙන්නේ, එංගලන්ත පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායක ලෙස ද කටයුතු කරන ඔහු ශ්‍රී ලංකාවට එ‍රෙහි ටෙස්ට් තරගාවලියට සහභාගී වනු ඇති බව ය.

එංගලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියට පන්දුවාර 20යි 20 තරගයක් එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ ටෙස්ට් තරග 2ක් ඇතුළත් ය.

දෙරට අතර පන්දුවාර 20යි 20 තරගය ලබන  20 වන දා පැවැත්වෙන අතර එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ලබන 22 වන දා ය.

ටෙස්ට් තරගාවලිය ජුනි මස 12 වන දා ඓතිහාසික ලෝඩ්ස් පිටියේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]