තමන්ට ශ්‍රී ලංකාවට බල කිරීමේ හැකියාවක් නැතැයි, එජා මහා මණ්ඩලය කියයි (VIDEO)

තමන්ට ශ්‍රී ලංකාවට බල කිරීමේ හැකියාවක් නැතැයි, එජා මහා මණ්ඩලය කියයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

07 May, 2014 | 9:23 pm

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාව ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රී ලංකාවට බල කිරීමේ ‍නීතිමය හැකියාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සතුව නැතැයි, එහි සභාපති ජෝන් විලියම් ඈෂ් මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, නිව්ස් ෆස්ට්හි ෂමීර් රසූල්ඩීන් සමග අද පෙරවරුවේ කොළඹදී විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

ප්‍රශ්නය
මේ යෝජනාවට අදාළව ගත්තොත් සාමාජික රටවල් 193 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පුළුවන් කමක් තියෙනව ද? මේ වගේ තත්ත්වයකදී කිසියම් පීඩනයක් එල්ල කරන්න

ජෝන් විලියම් ඈෂ්
සමස්තයක් ලෙස ගත්තම මේ වාර්තාව මහා මණ්ඩලයේ අදාළ විධිමත් කමිටුවක් හමුවේ සැලකිල්ලට ගන්නවා. එහිදී තමයි යම් තීරණයක් ගන්නේ. ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් නොමැතිව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව කිසිවක් කිරීමේ නීතිමය හැකියාවක් නෑ.ඒ සදහා ආරක්ෂක මණ්ඩලයේ තීරණය අපේක්ෂා කළ යුතුයි. ඉතින් මහා මණ්ඩලයට බලයක් නෑ. මේ යෝජනාවලියේ කවර නිර්දේශ තිබුණ ත් ඒවා ක්‍රියාත්මක කරන තැනට ශ්‍රී ලංකාව පත්  කරන්න. කෙනෙක් අපේක්ෂා කරනවා වෙන්න පුළුවන් මහා මණ්ඩලය විසින් යම් තීරණයක් ගත්තොත් අදාළ රට විසින් එම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුමයි කියල

ප්‍රශ්නය

ඔබ හිතනව ද? සමහර රටවල් තවත් ජාතීන්වල අභ්‍යන්තර ප්‍රශ්නවලට යම් බලපෑම් කරනවා කියල.

ජෝන් විලියම් ඈෂ්

ඔව් අපි ජීවත්වෙන ලෝකය සර්ව සම්පූර්ණ එකක් නෙමෙයි. කෙනෙක් තමන් ඉන්න තත්ත්වය අනුව කුමන හෝ හේතුමත තමන් අරඹයා හෝ එසේ නොමැතිව අන්රටවල්වල කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වෙනවා. මේ දක්වා වෙලා තියෙනවා එහෙම වෙන්නත් පුළුවන්. මහා මණ්ඩලයේ කිසිම සභාපතිවරයෙකුට බෑ. ඒ තත්ත්වය වෙනස් කරන්න.

ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ජෝන් විලියම් ඈෂ්
මහා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස හෝ තනිපුද්ගලයෙක් ලෙස මට පුද්ගලික අදහස් නෑ. මම සැළකිල්ල යොමු කරන්නේ මානව හිමිකම් තත්ත්වයන් ඒ ඒ රටවල තරාතිරම සැලකිල්ලට නොගෙන නිරීක්ෂණය කළ යුතු බවට යි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]