රටවල් 196කින් 162ක් දිවයිනට ඇවිල්ලා – ලෝක තරුණ සමුළුවේ මාධ්‍ය ප්‍රකාශක

රටවල් 196කින් 162ක් දිවයිනට ඇවිල්ලා – ලෝක තරුණ සමුළුවේ මාධ්‍ය ප්‍රකාශක

රටවල් 196කින් 162ක් දිවයිනට ඇවිල්ලා – ලෝක තරුණ සමුළුවේ මාධ්‍ය ප්‍රකාශක

කර්තෘ Chathuranga Rajapaksha

07 May, 2014 | 6:57 pm

2014 ලෝක තරුණ සමුළුවට සහභාගි වීම සඳහා රටවල් 196කින් රටවල් 162ක නියෝජිතයින් දිවයිනට පැමිණ සිටින බව ලෝක තරුණ සමුළුවේ මාධ්‍ය ප්‍රකාශක සහ ශ්‍රී ලංකා යූත් සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

එය 80% ක පමණ සහභාගීත්වයක් බව නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා පවසයි.

2014 ලෝක තරුණ සමුළුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා ඇති මාධ්‍ය මධ්‍යස්ථානයේදි මෙම මාධ්‍ය හමුව පැවැත්විය.

මාධ්‍ය හමුව සඳහා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ද සහභාගි විය.

නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා පැවසුවේ මේ වනවිට තරුණ සමුළුවේ කටයුතු ඉතා සාර්ථක පවත්වාගෙන යන බව ය.

WCY 2014 (1) WCY 2014 (2) WCY 2014 (4) WCY 2014 (5)

Pics by Newsfirst Digital