මත්කුඩු ගෙන්වන ප්‍රධානීන් කිහිපදෙනෙකු ගැන තොරතුරු අනාවරණය කර ගනී

මත්කුඩු ගෙන්වන ප්‍රධානීන් කිහිපදෙනෙකු ගැන තොරතුරු අනාවරණය කර ගනී

මත්කුඩු ගෙන්වන ප්‍රධානීන් කිහිපදෙනෙකු ගැන තොරතුරු අනාවරණය කර ගනී

කර්තෘ Sagarika Chathumali

07 May, 2014 | 10:26 pm

මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන ප්‍රධාන පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මුලස්ථානය සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, සීදුව ප්‍රදේශයේ කරන ලද වැටලීමකින් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීම ත් සමග එම ‍ජාවාරම්කරුවන් පිළිබඳව හෙළි වූ බව ය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ කළ වැටලීමෙන් වෛද්‍ය උපාංග තුළ සඟවා මෙරටට එවා තිබු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබී ය.

එම එක් කාන්තාවගේ ස්වාමි පුරුෂයෙකු වන පාකිස්ථාන ජාතිකයෙකු මීට පෙර හෙරොයින් කිලෝග්‍රෑම් එකක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දැනට රක්ෂිත බන්ධණාගාරගත කර සිටී.

පොලීසිය සඳහන් කළේ, පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 10 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]