තවත් දුම්රිය දෙකක් අලුත්ගමදී එකිනෙක ගැටෙයි (VIDEO)

තවත් දුම්රිය දෙකක් අලුත්ගමදී එකිනෙක ගැටෙයි (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

07 May, 2014 | 8:58 am

අලුත්ගම දුම්රිය ස්ථානයේදී අද අලුයම දුම්රිය දෙකක් ගැටී අනතුරක් සිදුවිය.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, ගාල්ලේ සිට පැමිණි හිස් තෙල් දුම්රියක් – අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තිබූ බලවේග කට්ටලයක ගැටී ඇති බව ය.

අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් නවතා තිබූ දුම්රියට හානි වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

අනතුර සිදුවන අවස්ථාවේ මගී දුම්රියේ කිසිවෙකු සිට නැත.

මේ වන විට, අනතුරට පත් දුම්රිය, මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බව  දුම්රිය පාලක මැදිරිය පැවසීය.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, අනතුර හේතුවෙන් මාතර – අලුත්ගම අතර දුම්රිය ධාවනය තරමක් ප්‍රමාද වන බව ය.

අද පෙරවරුවේ මෙම දුම්රිය ප්‍රමාදය හේතුවෙන් මගීහු දැඩි දුෂ්කරතාවකට පත් වූහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]