IPL: කයිරන් පොලාර්ඩ් සහ මිෂෙල් ස්ටාර්ක් අතර ඇතිවූ ගැටුමේ දර්ශන (VIDEO)

IPL: කයිරන් පොලාර්ඩ් සහ මිෂෙල් ස්ටාර්ක් අතර ඇතිවූ ගැටුමේ දර්ශන (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

07 May, 2014 | 11:39 am

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයේදී මුම්බායි කණ්ඩායමේ කයිරන් පොලාර්ඩ් සහ බැංගලෝර් කණ්ඩායමේ මිෂෙල් ස්ටාර්ක් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

පළමුව මිෂෙල් ස්ටාර්ක් බවුන්සර් පන්දුවක් යවා කයිරන් පොලාර්ඩ්ට බැණ වැදුණු අතර එහිදී පොලාර්ඩ් ප්‍රතිචාර නොදක්වා සිටියේ ය.

කයිරන් පොලාර්ඩ් ප්‍රතිචාර දැක්වූයේ, ඊළඟ පන්දුව යැවීමට පෙර කඩුල්ලෙන් ඉවත් වෙමිනි.

එහෙත්, මිෂෙල් ස්ටාර්ක් පන්දු යැවීම නතර නොකර පොලාර්ඩ් දෙසට පන්දු හැරියේ ය.

එහිදී කෝපයට පත් කයිරන් පොලාර්ඩ් ඔහ අත තිබූ පිත්තෙන් දමා ගැසුව ද එය ස්ටාර්ක්ට වැදුණේ නැත.

අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් පැමිණ ඔවුන් දෙදෙනා සමථයකට පත් කිරීමට උත්සහ කළහ.

මිෂෙල් ස්ටාර්ක්ගේ ඊළඟ පන්දුවට 4 පහරක් එල්ල කරමින් කයිරන් පොලාර්ඩ් සිය ප්‍රතිචාරය දැක්වීය.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 19ක ජයක් හිමි විය.

(මෙම වීඩියෝව මෙහි සිට නැරඹිය නොහැකි නම් වීඩියෝවේ link එක click කර youtube තුළින් නරඹන්න)

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]