එජා මහා මණ්ඩලයේ සභාපති  ජනපති හමුවෙයි

එජා මහා මණ්ඩලයේ සභාපති ජනපති හමුවෙයි

එජා මහා මණ්ඩලයේ සභාපති ජනපති හමුවෙයි

කර්තෘ Sagarika Chathumali

07 May, 2014 | 8:20 pm

15 වන ලෝක තරුණ සමුළුවට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝන් ඩබ්ලිව් ඈෂ් මහතා අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමු විය.

ශ්‍රී ලංකාව  මෑත භාගයේදී අත්පත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ජාවේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝන් ඩබ්ලිව් ඈෂ් මහතාගේ ඇගයීමට ලක්ව තිබේ.

මෙරට සිදුව ඇති සංවර්ධනය සියැසින් දැකගත් බව පැවසූ මහා මණ්ඩල සභාපතිවරයා ලෝක තරුණ සමුළුව අමතා ජනාධිපතිතුමා කළ කතාව ද ඇගයීමට ලක් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

30 වසරක ත්‍රස්තවාදයෙන් පීඩා විදි ශ්‍රී ලංකාවේ ගැටුම් අවසන් වීමෙන් පසු පැහැදිලි ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව මෙහිදී ජනාධිපතිතුමා පෙන්වාදී තිබේ.