මැයි දින සැමරුම් වෙනුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විශේෂ රථවාහන සැලසුම් (INTERVIEW)

මැයි දින සැමරුම් වෙනුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විශේෂ රථවාහන සැලසුම් (INTERVIEW)

කර්තෘ Kumudu Jayawardana

01 May, 2014 | 10:31 am

මැයි දින සැමරුම් වෙනුවෙන් අද දිනයේ කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

පෙළපාළි හා රැලි පැවැත්වෙන කොළඹ හා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

මේ අතර, ලංකා වතු කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය අද උදෑසන බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පැවැත්වෙන බැවින් බදුල්ල‍ – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය පවසයි.

ඒ අනුව කොළඹ – බදුල්ල දක්වා ධාවනය වන රථවාහන බණ්ඩාරවෙල නගරයේ වට රවුමෙන් වමට හරවා ඉන්ධන පිරවුම්හල අසලින් ඇති මාර්ග‍ය ඔස්සේ බිඳුණුවැව දක්වා ගමන් කළ හැකි බව පොලිසිය පවසයි.

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන රථවාහන බණ්ඩාරවෙල බිඳුණුවැව හන්දියෙන් දකුණට හරවා බණ්ඩාරවෙල තොග වෙළෙඳපොළ අසලින් ප්‍රධාන බස් නැවතුම්පලට පැමිණ උද්‍යාන මාර්ගයේ ගමන් කර කොළඹ මාර්ගයට පිවිසිය යුතු ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]