පොතුහැර දුම්රිය අනතුරේ සුලමුල හොයන කළු පෙට්ටිය සොයා ගනී (Exclusive Interview)

පොතුහැර දුම්රිය අනතුරේ සුලමුල හොයන කළු පෙට්ටිය සොයා ගනී (Exclusive Interview)

කර්තෘ Chathuranga Rajapaksha

01 May, 2014 | 6:19 pm

කුරුණෑගල, පොතුහැරදී අනතුරට ලක්වූ දුම්රිය දෙකෙන් දැයට කිරුළ දුම්රියේ කළු පෙට්ටිය සොයගත් බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද උදෑසන සිරස ටී.වී. නාලිකාව ඔස්සේ විකාශය කළ සිරස ප්‍රේස් රිලීස් වැඩසටහනට එක් වෙමින්ය.

එහිදී දුරකතනය ඔස්සේ අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා පැවසුවේ දැයට කිරුළ දුම්රිය එන්ජිමෙන් සොයගත් කළු පෙට්ටිය මගින් අදාළ අනතුර සිදු වූ ආකාරය සොයාගත හැකි බව ය.

එමගින් දුම්රිය අනතුර සම්බන්ධයෙන් විවිධ පාර්ශව ‍නගන චෝදනාවලට නිශ්චිත පිළිතුරක් ලබා දිය හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

තුවාල ලැබූ පුද්ගලයින් සඳහා සැළකිය යුතු වන්දියක් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසුවේ අනතුරින් විශාල දේපල හානියක් සිදු වූ බව ය.

අනතුරට ලක් වූ දුම්රිය එන්ජින් දෙක යථා තත්ත්වයට පත් කර යළි ධාවනයට එක් කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

ඊයේ උදෑසන සිදුවූ මෙම දුම්රිය අනතුරින් මගීන් 68ක් තුවාල ලැබූහ.

අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සිරස ප්‍රෙස් රිලීස් වැඩසටහන සමග කළ සම්පූර්ණ සාකච්ඡාව පහත දැක්වේ.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]