බදුල්ල ‍- කොළඹ මාර්ගය භාවිත කරන්නන්ට පොලීසියෙන් දැනුම් දීමක්

බදුල්ල ‍- කොළඹ මාර්ගය භාවිත කරන්නන්ට පොලීසියෙන් දැනුම් දීමක්

බදුල්ල ‍- කොළඹ මාර්ගය භාවිත කරන්නන්ට පොලීසියෙන් දැනුම් දීමක්

කර්තෘ Sagarika Chathumali

30 Apr, 2014 | 9:27 pm

ලංකා වතු කම්කරු කොංග්‍රසයේ මැයි රැළිය හෙට උදෑසන බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පැවැත්වෙන බැවින් බදුල්ල‍ – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇති විය හැකි බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ඒ අනුව කොළඹ – බදුල්ල දක්වා ධාවනය වන වාහන බණ්ඩාරවෙල නගරයේ වටරවුමෙන් වමට හරවා ඉන්ධන පිරවුම්හල අසලින් ඇති මාර්ග‍ය ඔස්සේ බිදුණුවැව දක්වා ගමන් කළ හැකි බව ය.

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන වාහන බණ්ඩාරවෙල බිදුණුවැව හන්දියෙන් දකුණට හරවා බණ්ඩාරවෙල තොග වෙළෙඳපොළ අසලින් ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණ උද්‍යාන මාර්ගයේ ගමන් කර කොළඹ මාර්ගයට පිවිසිය යුතු වේ.