පොතුහැරදී සිදුවූ දුම්රිය අනතුරෙන් 68 දෙනෙකුට තුවාල: 4කට බරපතළ යි (PHOTOS)

පොතුහැරදී සිදුවූ දුම්රිය අනතුරෙන් 68 දෙනෙකුට තුවාල: 4කට බරපතළ යි (PHOTOS)

පොතුහැරදී සිදුවූ දුම්රිය අනතුරෙන් 68 දෙනෙකුට තුවාල: 4කට බරපතළ යි (PHOTOS)

කර්තෘ Kumudu Jayawardana

30 Apr, 2014 | 10:48 am

කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 68 දෙනෙකු තුවාල ලබා තිබේ.

කුරුණෑගල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තුවාල ලැබූ පුද්ගලයින් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ය.

මෙම දුම්රිය දෙක පොතුහැර දුම්රිය ස්ථානය ආසන්නයේදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවූයේ, පෙරවරු 8.45ට පමණ ය.

මෙසේ අනතුරට ලක්වූයේ, මාතර සිට වව්නියාව දක්වා‍ ධාවනය වෙමින් පැවති දුම්රියක් සහ පලෙයි සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් පැවති දුම්රියකි.

train-acc-1

Train-3

train-acc-4

දර්ශන බලාපොරොත්තු වන්න…