උතුරු මාර්ගයේ සියලු දුර ගමන් සේවා දුම්රිය අවලංගු කෙරේ

උතුරු මාර්ගයේ සියලු දුර ගමන් සේවා දුම්රිය අවලංගු කෙරේ

උතුරු මාර්ගයේ සියලු දුර ගමන් සේවා දුම්රිය අවලංගු කෙරේ

කර්තෘ Sagarika Chathumali

30 Apr, 2014 | 3:46 pm

පොතුහැර සිදු වූ දුම්රිය අනතුර හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය මඩකලපුව හා ත්‍රිකුණාමලය මාර්ගයේ අද පස්වරුවේ ධාවනය වීමට නියමිත සියලු දුර ගමන් සේවා අවලංගු කර තිබේ.

ඒ අනුව අද රාත්‍රි 7.15 ට කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබු ශීඝ්‍රග්‍රාමී දුම්රිය අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

රාත්‍රි 8.15ට පලෙයි බලා ධාවනයවීමට නියමිතව තිබූ දුම්රිය ද අවලංගු කර තිබේ.

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා රාත්‍රි 9 ට ධාවනය කිරීමට නියමිත තිබු දුම්රිය ද අවලංගු කර ඇති බව පාලක මැදිරිය සදහන් කළේ ය.

‍මේ අතර පස්වරු 1.15 ට කොටුව සිට වවුනියාව බලා ධාවනය කිරීමට නියමිතව තිබූ රජරට රැජිණ දුම්රිය ද මේ හේතුවෙන් අවලංගු කෙරිණ.

පස්වරු 2.45ට පලෙයි බලා ධාවනය වීමට නියමිතව තිබූ නගරාන්තර ශීඝ්‍රග්‍රාමී දුම්රිය ත්, පස්වරු 3.55ට වවුනියාව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියන් ද අවලංගු කෙරිණ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, අවලංගු කළ දුම්රියන්හි ආසන වෙන් කර තිබූ මගීන්ට සිය මුදල් යළි ලබා දීමට පියවර ගන්නා බව ය.