IPL 7: ගල් ප්‍රහාරවලට පිළිතුරු ලෙස යුව්රාජ් සිංගෙන් පිති ප්‍රහාරයක් (Match Highlights)

IPL 7: ගල් ප්‍රහාරවලට පිළිතුරු ලෙස යුව්රාජ් සිංගෙන් පිති ප්‍රහාරයක් (Match Highlights)

කර්තෘ Kumudu Jayawardana

18 Apr, 2014 | 11:38 am

පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී අසාර්ථකත්වයට පත්වූ ඉන්දීය පිතිකරු යුව්රාජ් සිං, තමන් තරග දිනවන්නෙකු බව ඊයේ යළිත් තහවුරු ක‍ළේ ය.

ඒ, දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 29කදී නොදැවී ලකුණු 52ක් රැස් කරමිනි.

පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී මෙන් ම ඊයේ තරගයේදී ද යුව්රාජ් පන්දුවට පහර දුන්නේ, විරාට් කෝලි සමගිනි.

යුව්රාජ් සිං රැස් කළ ලකුණු 52ට 6 පහර 5ක් සහ 4 පහර 3ක් ඇතුළත් විය.

එහිදී විරාට් කෝලි පන්දු 38කදී ලකුණු 49ක් රැස් කිරීමට සමත් විය.

ක්‍රිකට් විචාරකයින් පවසන්නේ, පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී අසාර්ථකත්වයට පත්වීමෙන් පසු ගල් ප්‍රහාර එල්ල කළ ක්‍රීඩා ලෝලීන්ට යුව්රාජ් සිං පිත්තෙන් පිළිතුරු දුන් බව ය.