දීර්ඝ කාලයක් තිස්සේ බල්ලෙකු කළ ‘බලු වැඩක්’ CCTV මගින් හෙළි වෙයි (CCTV Video)

දීර්ඝ කාලයක් තිස්සේ බල්ලෙකු කළ ‘බලු වැඩක්’ CCTV මගින් හෙළි වෙයි (CCTV Video)

කර්තෘ Kumudu Jayawardana

18 Apr, 2014 | 4:27 pm

එංගලන්තයේ කම්බ්‍රියාහි බ්‍රැම්ප්ටන් නගරයේ දීර්ඝ කාලයක සිට මෝටර් රථ රැසක ටයර් කපා දැමීමක් සම්බන්ධයෙන් නොවිසඳී පැවති අභිරහසක් විසඳා ගැනීමට CCTV දර්ශන පෙළකට හැකි වී තිබේ.

එම දර්ශන මගින් හෙළි වූයේ, මෙම ටයර් කපා දැමීමට බල්ලෙකු වගකිව යුතු බව ය.

අදාළ නගරයේ මෝටර් රථවල ටයර් කපා දැමීමේ සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි රැසක් ලැබී තිබිණි.

මෙම අභිරහස හෙළි කරගැනීම සඳහා අවට පැවති CCTV කැමරාවල දර්ශන එකිනෙක විමර්ශනය කිරීමේදී සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුත්තා සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබේ.

මෙම බල්ලාගේ හිමිකරු පොලීසියට පවසා ඇත්තේ, සිය සුරතලා මෙවැනි දෙයක් සිදු කරන බව නොදැන සිටි බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]