එවරස්ට් කන්ද තරණය කළ පිරිසක් හිමට යටවී අතුරුදන්: දෙදෙනෙක් මරුට (Video/Photos)

එවරස්ට් කන්ද තරණය කළ පිරිසක් හිමට යටවී අතුරුදන්: දෙදෙනෙක් මරුට (Video/Photos)

කර්තෘ Kumudu Jayawardana

18 Apr, 2014 | 10:55 am

ලොව උස ම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්දට ඇද හැළුණු හිමපතනයකින් එය තරණය කිරීමට ගොස් සි‍ටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් අතුරුදන්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කඳු තරණය කරන්නන් 10 දෙනෙකු අතුරුදන්ව ඇති බව ය.

ඔවුන් හිම කඳු මත යටවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

අද අලුයම් කාලයේ සිදුවූ මෙම හිමපතනයට යට වූවන් සෙවීම සඳහා හෙලිකොප්ටර් යානා යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම හිමපතනයට යට වී ඇත්තේ, පොළොව මට්ටමේ සිට අඩි 19000ක් ඉහළට එවරස්ට් තරණය කර සිටි පිරිසකි.