අවුරුද්දට නෑගම් ගිය 10 දෙනෙක් නොඑන ගමන් ගිය ඉසෙඩ් ඩී ඇළේ ට්‍රැක්ටර් අනතුර (Video)

අවුරුද්දට නෑගම් ගිය 10 දෙනෙක් නොඑන ගමන් ගිය ඉසෙඩ් ඩී ඇළේ ට්‍රැක්ටර් අනතුර (Video)

කර්තෘ Chathuranga Rajapaksha

18 Apr, 2014 | 7:05 pm

අරලගංවිල, ඉසෙඩ් ඩී ඇළට අත් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් මියගිය ගණන 10 දක්වා ඉහළ ගොස් තිබේ.

අලුත් අවුරුද්දට නෑගම් යන්නට ගොස් ජීවිතයෙන් අවසන් ගමන් ගිය එම පිරිස දෙහිඅත්තකන්ඩිය, නිකවත්තලන්ද ප්‍රදේශයෙන් නෑගම්යන්නට සැරසුණු එකම පවුලේ නෑ හිතවතුන් පිරිසකි.

පුද්ගලයින් 21 දෙනෙකු සමන්විත එම කණ්ඩායම අත් ට්‍රැක්ටරයට නැගගත්තේ සෙවනපිටියේ සිය ඥාති සොහොයුරියකගේ නිවසට යාමටයි.

එහෙත්, ඔවුන් රැගත් අත්ට්‍රැක්ටරය අලුත්ඔය පසුකරද්දී ඉසෙඩ් ඩී ඇළට පෙරලී ගියේ  ජීවිත 10 ක් ද බිලිගනිමින් ය.

ඉසෙඩ් ඩි ඇලෙහි ගිලී ජීවිත 10 ක් අහිමි වෙද්දී තවත් ජීවිත 8 ක් ගලවා ගැනීමට හැකි වූයේ ප්‍රදේශවාසීන්ගෙන්ද ලැබුණු සහාය මතයි.

සිද්ධියෙන් පිරිමින් දෙදෙනෙකු සහ කාන්තාවන් 4 දෙනෙකු මෙන්ම ළමුන් 4 දෙනෙකුද මියගිය බව පොලීසිය සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ අත්ට්‍රැක්ටරය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතු වී ඇති බව ය.

අනතුරින් 11 දෙනෙකු දිවි ගලවා ගත් අතර ඔවුන්ගෙන් අට දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටී.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]