ශ්‍රී ලංකාවේ වත්මන් මාර්ග සිතියම වැරදියි: නව සිතියමක් සකස් කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ වත්මන් මාර්ග සිතියම වැරදියි: නව සිතියමක් සකස් කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ වත්මන් මාර්ග සිතියම වැරදියි: නව සිතියමක් සකස් කිරීමට පියවර

කර්තෘ Kumudu Jayawardana

16 Apr, 2014 | 11:36 am

ශ්‍රී ලංකාවේ සියලු මාර්ග සඳහන් කර නව මාර්ග සිතියමක් සකස් කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

අතිරේක මැනුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා පැවසුවේ, මේ වන විට නව මාර්ග ගණනාවක් ඉදිවී ඇති බව ය.

දැනට ඇති සිතියම්වල සියලු මාර්ග ඇතුළත් වී නොමැති බව ද ඔහු පෙන්වා‍ දුන්නේ ය.

අතිරේක මැනුම්පතිවරයා පැවසුවේ, අලුතින් ඉදිවූ මාර්ග, දීර්ඝ කෙරුණු මාර්ග ඇතුළු කර අංග සම්පූර්ණ නව සිතියමක් නිර්මාණය කිරීමට මේ යටතේ සැලසුම් කර ඇති බව ය.

විශේෂයෙන් පසුගිය කාලයේ ඉදිවූ අධිවේගී මාර්ග පැරණි සිතියමේ දක්නට නොලැබෙන හෙයින් නව මාර්ග සිතියමක අවශ්‍යතාව මතුව ඇතැයි ඔහු පැවසීය.

එම ව්‍යා‍පෘතිය ඉදිරි මාස දෙක තුළ ආරම්භ කිරීමට අපේක්ෂිත ය.

අතිරේක මැනුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා පැවසුවේ, නව සිතියම නිර්මාණය කිරීමෙන් පසු එය මිනින්දෝරු දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ඇතුළු කිරීමට ද කටයුතු කරන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]