කැනඩාව පොදු රාජ්‍ය මණ්ඩලයට දෙන අරමුදල් අත්හිටුවීමට තීරණය කරයි

කැනඩාව පොදු රාජ්‍ය මණ්ඩලයට දෙන අරමුදල් අත්හිටුවීමට තීරණය කරයි

කර්තෘ Sagarika Chathumali

15 Apr, 2014 | 3:02 pm

පොදු රාජ්‍ය මණ්ඩලය සඳහා ලබා දෙන අරමුදල් අත්හිටුවන බව කැනඩා රජය නිවේදනය කර තිබේ.

එරට මාධ්‍ය අනාවරණය කළේ, පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය දරන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය මුල් කර ගනිමින් කැනඩාව මෙලෙස අරමුදල් සැපයීම අත්හිටුවා ඇති බව ය.‍

මේ ය‍ටතේ පොදු රාජ්‍ය මණ්ඩලයට කැනඩාව විසින් ලබා දෙන කැනේඩියානු ඩොලර් මිලියන 10 ක මුදලක් අත්හිටුවනු ඇති.

මෙම තීරණය ප්‍රකාශයට පත්කරමින් කැනේඩියානු විදේශ අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් මහතා ප්‍රකාශ කළේ, පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය දරන ශ්‍රී ලංකාවට වගවීම ,  දේශපාලනික සංහිඳියාව සහ මානව හිමිකම්, සම්බන්ධයෙන් ඵලදායි ක්‍රියාමාර්ග ගැනීමට යුතුකමක් ඇති බව ය.‍

එම ගැටලු එකකින් හෝ සැබෑ ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රි ලංකාව අපොහොසත් වී ඇති බව කැනඩා විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ,  මානව හිමිකම් උල්ළංඝණය කිරීම්වලට දෙනෙත් වසා සිටින සංවිධානයක් වෙත අමතර මුල්‍ය ආධාර සැපයීම සාධාරණීකරනය කළ නොහැකි බව ය.