යාපනයේ ළිඳක තිබී තව ත් ‍කාන්තා මළ සිරුරක් හමු වෙයි (VIDEO)

යාපනයේ ළිඳක තිබී තව ත් ‍කාන්තා මළ සිරුරක් හමු වෙයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

15 Apr, 2014 | 8:17 pm

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ නිවසක් අසල ළිඳක තිබී තරුණියකගේ මළ සිරුරක් හමු වී තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බව ය.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ජෙරොන් කොන්ස්ලීටා නැමති ගුරුනගර් අඩප්පන් විදියේ පදිංචි කාරියකි.

මිය යන විට ඇය 22 වන වියේ පසු වූවා ය.

ඇගේ ඥාතීන්ට අනුව පෙරේදා නගරයට යන බව පවසමින් ඇය නිවසෙන් පිටව ගොස් තිබේ.

ඇගේ සිරුර හමු වූ ළිඳ පිහිටා ඇත්තේ නිවසේ සිට කිලෝමීටර් 2ක්  පමණ දුරිනි.

පොලීසිය පැවසුවේ, මෙය අපරාධයක් නොවන බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ මතය වී ඇතත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව ය.

මේ අතර  පෙරේදා කිලිනොච්චි, පුන්නෙයි නීරාවි ප්‍රදේශයේ ළිඳක තිබී තව ත් කාන්තා සිරුරක් සොයා ගත් අතර එය ඝාතනයක් බවට පොලීසිය සැක කරයි.

පොලීසිය පැවසුවේ, ඇය ඊට පෙර දින  රාත්‍රියේ ඝාතනය කර ළිඳට දමන්නට ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඇගේ ඥාතියෙකු වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.