ගෝබි හා අප්පන්ගේ මව්වරුන් ඇතුළු 19ක් මුදා හැරෙති

ගෝබි හා අප්පන්ගේ මව්වරුන් ඇතුළු 19ක් මුදා හැරෙති

ගෝබි හා අප්පන්ගේ මව්වරුන් ඇතුළු 19ක් මුදා හැරෙති

කර්තෘ Sagarika Chathumali

15 Apr, 2014 | 10:06 pm

ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් 19 දෙනෙකු මුදාහැර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අතර කාන්තාවන් 4 දෙනෙකු හා පිරිමින් 15 දෙනෙකු සිටින බව ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ප්‍රතිසංවිධානය කිරීමේ කටයුත්තට නායකත්වය දුන් ගෝබි හා අප්පන් යන අයගේ මව්වරුන් දෙදෙනා ද මෙලෙස මුදා හැරි අය අතර වන බව රෝහණ මහතා සඳහන් කළේ ය.

අදාළ එල්.ටී.ටී.ඊ. නායකයින් දෙදෙනා ද ඇතුළු තිදෙනෙකු පසුගිය දා යුද හමුදා වෙඩි පහරින් මිය ගියේ ය.

ත්‍රස්ත විමර්ශන අංශය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ගෝබි, අප්පන්, එල්.ටී.ටී.ඊ. සංවිධානය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]