මිද්දෙණියේ අභිරහස් ඝාතනයක්

මිද්දෙණියේ අභිරහස් ඝාතනයක්

මිද්දෙණියේ අභිරහස් ඝාතනයක්

කර්තෘ Sagarika Chathumali

15 Apr, 2014 | 6:01 pm

ඝාතනය කරන ලද තරුණයෙකුගේ මළ සිරුරක් ඇඹිලිපිටිය, මිද්දෙණිය ප්‍රදේශයේ කැලෑවක් ආසන්නයේ තිබී සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ තරුණයා අතුරුදන්ව සිටි අයෙකු බව ය.

ඔහු ඊයේ රාත්‍රියේ සිට අතුරුදන්ව සිටි බවට තරුණයාගේ දෙමාපියන් අද උදෑසන මිද්දෙණිය පොලීසියට පැමිණිලි කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඒ අනුව කළ සෝදිසියකදී කැපුම් තුවාල සහිතව තිබූ අදාළ මළ සිරුර අද දහවල් තේක්ක කැලෑවක් ආසන්නයේ තිබි ‍සොයාගත් බව ය.

මිය ගොස් ඇත්තේ රන්කරුවකු බව පොලීසිය සඳහන් කළේ ය.

ඝාතකයින් හඳුනා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.