දවස් 5ක් තුළ මරණ 40ක්

දවස් 5ක් තුළ මරණ 40ක්

කර්තෘ Sagarika Chathumali

15 Apr, 2014 | 9:18 pm

දින පහක් තුළ සිදු වූ රිය අනතුරු 34 කින් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, බීමතින් රිය පැදවීම ද අනතුරුවලට හේතුවී ඇති බව ය.

පසුගිය දින 5ක කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ වැටලීම්වලින් බීමත් රියැදුරන් 877 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලුයම 6.00 අවසන් වූ පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට පත්ව ඇති බීමත් රියැදුරන් සංඛ්‍යාව 149කි.

පසුගිය දින 05ක කාලය තුළ අත්අඩංගුවට පත් රියැදුරන් අතර මගී ප්‍රවාහන බස් රථ රියැදුරන් 8 දෙනෙක් ද වෙති.

බීමත්ව රිය පැදවීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පිරිසෙන් වැඩි දෙනෙක් යතුරුපැදිකරුවෝ වෙති.

යතුරු පැදිකරුවන් 473 දෙනෙකු සහ ත්‍රීරෝද රථ රියැදුරන් 308 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]