ඔබාමාගෙන් පුටින්ට ඇමතුමක්

ඔබාමාගෙන් පුටින්ට ඇමතුමක්

ඔබාමාගෙන් පුටින්ට ඇමතුමක්

කර්තෘ Sagarika Chathumali

15 Apr, 2014 | 5:39 pm

යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර දුරකථන සංවාදයක් ඇතිව තිබේ.

ඒ රුසියාවට පක්ෂපාතී කැරළිකරුවන් තව දුරට ත් යුක්‍රේන රජයේ ගොඩනැගිලි අත්පත්කර ගැනීමත් සමග යි.

යුක්‍රේනයේ අන්තර්වාර ආණ්ඩුවේ වැඩ     බලන ජනාධිපති ඔලැක්සැන්ඩර් ටර්චිනොව් රුසියාවට අනතුරු අඟවා තිබියදී ත් කැරළිකරුවන් සිදු කරන ක්‍රියා පිළිබඳව බැරක් ඔබාමා ‍නොසතුට පළ කර තිබේ.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසා ඇත්තේ, යුක්‍රේනය තුළ ලේ වැගිරීම් වීමට නොදී එවැන්නක් වළක්වා ගැනීමට අමෙරිකාව ක්‍රියා කළ යුතු බව ය.

කෙසේ වුවත් එවැනි යූදමය තත්ත්වයක් ඇතිවුව හොත් යුක්‍රේනයට හමුදා හෝ යුදමය සහයක් ලබා නොදෙන බව බැරක් ඔබාමා පවසයි.

අමෙරිකානු ජනාධිපතිවරයා වැඩි දුරට ත් සඳහන් කරඇත්තේ රුසියාවට එරෙහි බලශක්ති, මූල්‍යමය කර්මාන්ත සහ ආරක්ෂක සම්බාධක පැනවීම කෙරෙහි අවධානය යොමු කරන බව ය.

මේ අතර යුරෝපා සංගමය ද රුසියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

යුරෝපා සංගමයේ ප්‍රධානීන් පවසන්නේ, රුසියාවට එරෙහි ව පැන වූ වීසා සහ වත්කම් තහනම් තව දුරට ත් දැඩි කිරීමට පියවර ගන්නා බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]