ඉන්දීය හමුදා මෙරට යුද්ධයට සම්බන්ධ වූ බව කියමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඉන්දීය හමුදා මෙරට යුද්ධයට සම්බන්ධ වූ බව කියමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඉන්දීය හමුදා මෙරට යුද්ධයට සම්බන්ධ වූ බව කියමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

කර්තෘ Sagarika Chathumali

15 Apr, 2014 | 8:43 pm

2009 වසරේ ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති ස‍මයේ දී ඉන්දියානු හමුදා භටයින් ඍජුව ම යුද්ධයට සම්බන්ධ වූ බව ත්, ගැටුම්වලදී ඇතැම් සෙබළුන් තුවාල වූ බවත් සඳහන් කරමින් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

ඇසින් දුටු සාක්ෂි සහ ජාත්‍යන්තර විමර්ශනයක් උපුටා දක්වමින් 2009 දී ශ්‍රී ලංකාවේ ඉන්දියානු බලකායන් සඳහා අණ දෙන නිලධාරිවරයා ලෙස සික් ජාතික නිලධාරිවරයෙකු කටයුතු කර ඇතැයි, එම පෙත්සමේ සඳහන් වී ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරයි.

පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපති අනුමැතියකින් තොරව ඉන්දීය හමුදාව යොමු කිරීම නීති විරෝධි යැයි පෙන්වා දෙමින්, වින්දිතයින්ට වන්දි ලබා දී මීට මුල් වූ පුද්ගලයින් විමර්ශනය කර ඔවුන්ට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපනය කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත පැවසුවේ, දිල්ලි හි දෙමළ නීතිඥවරුන්ගේ සංගමයේ ලේකම් වන නීතිඥ රාම් ශංකර් මහාතා විසින් පසුගිය සතියේ මෙම පෙත්සම ගොනු කරනු ලැබූ බව ය.

අප්‍රේල් මස 17 වන දා එය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතව තිබේ.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට සහය දීම සඳහා ඉන්දියා‍නු යුද, නාවික සහ ගුවන් හමුදා භටයින් නීති විරෝධීව ශ්‍රී ලංකාවට යැවූ බව එම පෙත්සමේ සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]