වැඩබලන පොලිස්පති ගාමිණි නවරත්න

වැඩබලන පොලිස්පති ගාමිණි නවරත්න

වැඩබලන පොලිස්පති ගාමිණි නවරත්න

කර්තෘ Chathuranga Rajapaksha

13 Apr, 2014 | 9:32 pm

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

ඒ, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා නිල සංචාරයක් සදහා දිවයිනෙන් බැහැරව යාම හේතුවෙනි.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, මැලේසියාවේ පැවැත‍්වෙන ආසියානු කලාපීය ආරක්ෂක සේවා ප්‍රදර්ශනයට හා සම්මන්ත්‍රණයට සහභාගීවීම සදහා පොලිස්පතිවරයා අද දිවයිනෙන් පිටත්ව ගිය බව ය.

මැලේසියාවේ ක්වාලාලාම්පුර් නුවර දින 4 ක් එම සම්මන්ත්‍රණය පැවැත්වෙනු ඇති.