බස් පැමිණිල්ලක් නම් වහා ම අමතන්න

බස් පැමිණිල්ලක් නම් වහා ම අමතන්න

බස් පැමිණිල්ලක් නම් වහා ම අමතන්න

කර්තෘ Sagarika Chathumali

13 Apr, 2014 | 11:39 am

උත්සව සමයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි 49 ක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ලැබී තිබේ.

එහි පැමිණිලි භාර ගැනීමේ ඒකකය සදහන් කළේ, ඒ අතර වැඩිපුර ගාස්තු අය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 23 ක් ඇති  බව ය.

මගීන්ට ආචාරශිලි නොවීම සම්බන්ධයෙන් පැමිණිලි 6 ක් ලැබී තිබේ.

ජාතික ගමනාගමන කොමිසම පැවසුවේ, මගීන්ට ඉතිරි මුදල් ලබා නොදී ම සම්බන්ධයෙන් ද පැමිණිලි 20 ක් ලැබී ඇති බව ය.

එම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ බස්රථවල හිමිකරුවන් සහ සේවකයින් ගෙන්වා කරුණු විමසන බව කොමිසම සඳහන් කළේ ය.

0112 59 55 55 දුරකථන අංකයට දවසේ පැය 24 පුරා පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරිමට හැකි බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]