තිදෙනෙකුට මරු කැඳවමින් කල්මුණේදී බස් 2ක් ගැටුණු හැටි (VIDEO)

තිදෙනෙකුට මරු කැඳවමින් කල්මුණේදී බස් 2ක් ගැටුණු හැටි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

13 Apr, 2014 | 7:17 am

කල්මුණේ, සයින්දමර්දු ප්‍රදේශයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තව ත් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද අලුයම අනතුර සිදු ව ඇති බව ය.

අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වු බස් රථයක් සහ අක්කරෙයිපත්තුව සිට වව්නියාව දක්වා ධාවනය වු බස් රථයකි.

තුවාල ලැබුවන් අක්කරෙයිපත්තුව අෂ් රොෆ් අනුස්මරණ රෝහලට සහ කල්මුණේ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]