වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් 250ක් කොටුවෙයි

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් 250ක් කොටුවෙයි

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් 250ක් කොටුවෙයි

කර්තෘ Chathuranga Rajapaksha

11 Apr, 2014 | 5:23 pm

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳුන් 250 දෙනෙකු නීතියේ රැහැනට ගෙන ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශ පවසයි.

ඒ ගතවූ පැය 48 ක කාලය තුළ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් කළ වැටලීම් වලදී ය.

එම වෙළඳුන්ට එරෙහිව නඩු පවරන බව ද අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර සහල් සඳහා පාලන මිලක් පැනවීමෙන් පසු වෙළඳපොළෙන් සහල් මිල බොහෝ සෙයින් පහළ ගොස් ඇති බව ද එම අමාත්‍යංශය පැවසීය.

පෙරේදා මධ්‍යම රාත්‍රීයේ සිට බල පැවැත්වෙන පරිදි සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක සිල්ලර මිල රුපියල් 77 ක් ලෙස ද  සුදු නාඩු රුපියල් 68ක්, රතු නඩු සහ සුදු කැකුළු රුපියල් 66 ක් හා රතු කැකුළු කි‍ලෝ ග්‍රෑම් එකක් රුපියල් 60 ක් ලෙස පාලන මිලක් පනවනු ලැබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]